CamScanner ඇප් එක හා සමාන ව්‍යාජ ඇප් එකක් ප්ලේස්ටෝර් එකේ

CamScanner App එක දැන් හැමෝටම ඕනි කරන ඇප් එකක් වෙලා විශේෂයෙන් ඉගෙන ගන්න වයසේ තරුණ තරුණියන්ට හදිස්සියට නෝට් එකක් ගහගන්න ෂෙයාර් කරගන්න. Freelancer Web site එකක හදපු එකවුන්ට් එක Verify කරගන්න රියදුරු බලපත්‍රයේ, පාස්පෝට් එකේ හොඳ පැහැදිලි ෆොටෝ එකක් ගහගන්න මේ කියන හැමදේටම මේ ඇප් එක ගොඩක් වැදගත්. ඒ වගේම තමා මේ ඇප් එකේ තවත් සුවිශේෂීම කාරණය වෙන්නේ ගිය අවුරුද්දේ මේකේ දීපු අලුත් අප්ඩේට් එකකින් ෆෝන්වලට මැල්වෙයාර් වගේ දේවල් පහසුවෙන් ඇතුළුවෙන්න පටන් ගත්ත නිසා කෙටිකාලයකට ගූගල් සමාගම මේ ඇප් එක ප්ලේස්ටෝර් එකෙන් අයින් කරලත් තිබ්බා. ඒත් ඉක්මනටම ඒ අවුල හදාගෙන නැවතත් මේ ඇප් එක ප්ලේස්ටෝර් එකට ආවා.

මේ ළගදී මගේ ටැබ් එකට CamSanner App එක දාගන්න ප්ලේස්ටෝර් එකේ සර්ච් කරලා ඉන්ස්ටෝල් කරනකොට Suggested Apps වල CamScanner ඇප් එකේ නමින් ඒ ලොගෝ එකෙන්ම තවත් ඇප් එකක් පෙන්නුවා. මාත් හොදට බලද්දි දැක්කේ මේක නියම ඇප් එක වගේම ව්‍යාජව හදපු එකක්. මේකේ තියෙන බරපතලකම තවත් තේරුනේ ඒ ව්‍යාජ ඇප් එකට යටින් තිබ්බ කමෙන්ට්ස් දැකලා. සමහර අයගේ ඩෙබිට් කාඩ්/ක්‍රෙඩිට් කාඩ් විස්තර මේ ඇප් එකෙන් හොරකම් කරලා කියලා එයාලා Critical Reviews දාලා තිබ්බා. මේකේ තියෙන භයානක කම තමා සමහරු හරි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ වගේ ව්‍යාජ ඇප්ස් වලට රැවටෙනවා. මේ වගේ ඇප්ස් තව ඕනි තරම් ප්ලේස්ටෝර් එකේ ඇති. ඒ හින්දා අනිවාර්‍යෙන්ම ඔයා හොදට දන්න නිතරම පාවිච්චි කරලා තියෙන ඇප්ස් වුනත් ඩවුන්ලෝඩ් කරනකොට හොදට කල්පනාවෙන් හොයලා බලලා ඉන්ස්ටෝල් කරන්න.

CamScanner නියම ඇප් එකේ Screenshot එකක් – නියම Publisher ගේ නම INTSIG Information Co.,Ltd
මම බ්ලොග් එක ලියනකොට මෙයාලාගේ ස්කෑම් ඇප් එක ප්ලේස්ටෝර් එකෙන් අයින් වෙලා. ඒත් මෙයාලගේ CamScanner App ඇප් එකේ Premium License එකක් ඇක්ටිවේට් කරලා දෙන ඇප් එකක් තියෙනවා තාම ප්ලේස්ටෝර් එකේ. මේ වගේ ඒවා ඉන්ස්ටෝල් කරගන්න යන්න එපා. ඉතා අවදානම්. ව්‍යාජ ඇප් එකේ Publisher ගේ නම INTSIG : නියම ඇප් එකේ අයිතිකාරයගේ නමට ළගින් යන විදියට දාලා තියෙන්නේ ලේසියෙන්ම ඇස් දෙකට හුරු නිසා රැවටෙන්න.

Comment

Your email address will not be published. Required fields are marked *