ෆේස්බුක් සමාගමේ පළමු මුදල් ගනුදෙනු හුවමාරු පහසුකම බ්‍රසීලයට

අද දින ෆේස්බුක් සමාගම විසින් බ්‍රසීලයේ සිටින වට්සැප් පරිශීලකයන් හට මුදල් හුවමාරු පහසුකම (Payment Gateway) මුල්වරට හඳුන්වාදුන්නා.මෙය Facebook Pay නමින් හඳුන්වන අතර වට්සැප් හරහා ඉමේජයක් ෂෙයාර් කිරීම හා සමානව මෙම පහසුකම වඩාත් සරල හා පහසු කර ඇති බව ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාක් ෂකර්බර්ග් සදහන් කළා. මේ පහසුකම බ්‍රසීලයට ලබා දීම සඳහා බ්‍රසීලයේ ප්‍රධාන බැංකු වන Banco do Brazil, Nubank, Sicredi හා බ්‍රසීලයේ ව්‍යාපාරිකයන් අතර වඩාත් ප්‍රචලිත Cielo මූල්‍ය සේවාවද විශාල දායකත්වයක් ලබා දී ඇත.

සාමාන්‍ය වට්සැප් පරිශීලකයන් සඳහා මෙම පහසුකම නොමිලේ ලබාදීමටත් ව්‍යාපාරික සේවාවන් සඳහා යම්කිසි ගාස්තුවක් අය කිරීමට ෆේස්බුක් සමාගම බලාපොරොත්තු වන අතර ඉදිරියේදී මෙම මූල්‍ය ගනුදෙනු පහසුකම ලෝකයේ අනික් රටවලටත් ඉතා ඉක්මනින්ම ලබාදීමට ඔවුන් මේ වන විටත් සූදානම් වෙමින් පවතී.

Comment

Your email address will not be published. Required fields are marked *